දේශීය

විදුලි සැර වැදී වන අලි දෙදෙනෙකු මරුට

විදුලි සැර වැදීමෙන් මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේ වන අලි දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ප්‍රදේශයේ වගා බිමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (30) අලුයම මෙම අලි දෙදෙනා මියගොස් ඇති බවයි කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

මියගොස් ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 20ත් 30ත් අතර වූ වන අලි දෙදෙනෙකි.

මියගිය වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගිරිතලේ වනජීවි පශූ වෛද්‍ය ඒකකය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *