දේශීය

රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන සිව් වසරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින්ය.

පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම කෙරුණේ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙණි.

රන්ජන් රාමනායක මහතා විසින් මෙම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා  ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *