දේශීය

කොවිඩ් වැළදී වෛද්‍යවරයෙකු මියයයි

රාගම රෝහලේ සේවය කරමින් සිටි 32 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොවිඩ් වෛරසය ආසාදනය වී අද (02) මරණයට පත්ව ඇත.

මොහු කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය මෙරට පළමු වෛද්‍යවරයා වේ.

රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු මුල්ලේරියාව රෝහලටත් ඉන්පසු කරාපිටිය ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇත.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

එසේම මේ වන විට ඔහුගේ මව හා බිරිඳත් කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *