විදේශීය

නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඇමරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඇමරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙනි.

මෙම දරුණු හිම කුණාටුව හේතුවෙන් නිව්යෝර්ක් සහ බොස්ටන් ඇතුළු ප්‍රධාන නගර රැසකට බලපෑම් සිදුව ඇති බව ද වාර්තා වේ.

අඟල් 12 ක පමණ හිම පතනයක් සමග දරුණු සුළං තත්ත්වයක් නිව්යෝර්ක් නගරයට බලපා ඇති අතර ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කරුණු සඳහා නගරය තුළ රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවන්වලදී පැයට කිලෝමීටර 80ක පමණ වේගයෙන් ද හිම සමග සුළං ඇතිවන බවද වාර්තා වේ.

මේ හේතුවෙන් සිය නිවෙස් තුළම රැඳීසිටින ලෙස බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?