මිකී ආතර්ට හා ලහිරු තිරිමාන්නටත් කොවිඩ්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු මිකී ආතර් ට හා ක්රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඊයේ (02) සිදු කරන ලද PCR පරීක්ෂණවලදී මිකී ආතර් හා ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ හේතුව නිසාවෙන් එළඹෙන ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
