දේශීය

කළු ගඟේ වැලි ගොඩ දැමීමේ තහනම ඉවතට

කළු ගඟේ වැලි කැණීම් බලපත් කෙටි කාල සීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට තීරණය කර ඇති බව  පරිසර අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

කළු ගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍ර වී කළුතර ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවකට හේතුවෙන් කළු ගඟේ මෝයේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර් 14ක ප්‍රදේශයක වැලි කැණීම් ලසුගිය වර්ෂයේ දෙසැම්බර් සම 31 වන දා සිට තහනම් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කයුතු කර තිබුණි.

ඊයේ (03) පරිසර අමාත්‍යාංශයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ එම ප්‍රදේශයේ වැලි ගොඩදැමීම ජීවිකාව කරගත් පවුල් ගණනාවක් අසරණභාවයට පත්ව ඇති බවට ඉදිරිපත් වු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්ය.

කොන්දේසි කිහිපයක් මත ඒ අනුව වැලි කැණිම් බලපත්‍ර ලබාදීමට එම සාකච්ඡාවේදී එකඟතාව පළවී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *