දේශීය

කහ කිලෝ 1,500 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ සඟවා තිබූ කහ කිලෝ 1,500කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අද (07) අලුයම වැටලීම සිදු කර ඇත.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට රැගෙන පැමිණ ප්‍රවාහනය කිරීම සඳහා වෙරළට ආසන්න ස්ථානයක සඟවා තිබී ඇති බව සඳහන් වේ.

උර 50 ක අසුරා තිබූ කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට අධික වන අතර සිද්ධියට අදාළව  අත්අඩංගුවට ගත් සැකකරු මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කහ තොගය වැඩිදුර විමර්ශණ සඳහා කල්පිටිය පොලීසියට භාරදීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *