දේශීය

රත්ගම සැකකටයුතු මරණ 02 ක්

ඊයේ (06) රත්ගම පොලිස් වසමේ සැකකටයුතු ලෙස පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

රත්ගම, රූපිවල, ප්‍රජා මණ්ඩලය අසල නිවසක් තුළ තනිව පදිංචිව සිටි කාන්තාවක් ලේ පැල්ලම් සහිතව සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට රත්ගම පොලීසියට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබේ.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් වන විජිතහෙල, රූපිවල, බුස්ස යන ලිපිනයේ පදිංචිකාරියකි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඊයේ උදෑසන 8.50ට පමණ රත්ගම, කෝවිල වත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ද රත්ගම පොලීසියට තොරතුරු ලැබී ඇත.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන පහළවත්ත, මලිදුව, බුස්ස යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ බඩ ප්‍රදේශයේ කැපුම් තුවාලයක් දක්නට ඇති අතර එය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පොලීසිය විමර්ශන කටයුතු සිදුකරයි.

එම මරණ දෙක පිළිබඳව රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?