දේශීය

ගංගා ආශ්‍රිත නැවතත් වැලි සමීක්ෂණයක්

ගංගා ආශ්‍රිතව නැවතත් වැලි සමීක්ෂණයක් හා ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක් සිදු කිරිමට තීරණය කර තිබේ.

මේ වනවිට ගංගාවල වැලි කැණීම් ඉහළ ගොස් ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එබැවින් ගංගාවලට සිදු විය හැකි හානිය සොයා බැලීම සඳහා මෙම සමීක්ෂණ වහාම ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

කැලණි, මහවැලි, නිල්වලා, ගිං සහ කළු ආදි ගංගාවලින් නාගරික ජනතාව පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නා බැවින් මෙම ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *