දේශීය

පුංචි ලෝකාන්තයේ දී පුද්ගලයෙක් අතුරුදන්

මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුතර මග්ගොන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

ලෝකාන්තය බැලීමට පැමිණි පිරිසක් කූඩාරම් ගසාගෙන එහි නතරවී සිට ඇති අතර පසුව රාත්‍රී කාලයේදී සීතල වැඩි බව පවසා එක් පුද්ගලයෙක් වාහනයට යන බව පවසමින් පිටව ගොස් තිබේ.

එහෙත් පිරිස පසුව කළ සොයා බැලීමකදී ඔහු පිළිබඳ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් එහි ළඟා වෙමින් සිටී.

ප්‍රදේශය තුළ පවත්නා අධික මීදුම් හා වර්ෂාව ඔහු සෙවීමේ කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බවයි මඩොල්සිම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

අතුරුදහන් වූ පුද්ගලයා වැටෙන්නට ඇති බවට සැක කෙරෙන ප්‍රපාතයට කඹයක් යොදා අඩි 200ක පමණ ප්‍රදේශයක් යුද හමුදාව විසින් නිරීක්ෂණය කරමින් පවතී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *