Latestදේශීය

වීසා බලපත් ලබාදීම VFS සමාගම වෙත භාර දීමෙන් වසරකට කෝටි 1800ක වංචාවක් – චම්පික රණවක

ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත් පාතාල දේශපාලනයේ යෙදෙන අයට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“මේ රට ඉදිරියට යන්න ඕන නම් මේ රට ආර්ථිකමය වශයෙන්, ඒ වගේම මේ ණය ගෙවීමේ කටයුතු කරගෙන යන්න ඕන නම් මේ ගුවන්තොටුපළ පමණක් නෙවෙයි, රාජ්‍ය අංශයේ, අපගේ ආංශික කාරක සභාවලින් මේ අපගේ පාරවල් හදලා තියෙනවා වගේ විදුලි බලය සපයලා තියෙනවා වගේ අපට අත්‍යවශ්‍යයි ඩිජිටල් යටිතල පහසුකම රටපුරා ව්‍යාප්ත කරන්න. රට ඊළඟ ආර්ථික පිම්ම ගන්න නම් මේ ණය බරෙන් ගොඩ වෙන්න නම් අලුත් ආදායම් ඇති කරන්න නම් අලුත් රැකියා ඇති කරන්න නම් මේ ඩිජිටල් ආවරණය අපිට අවශ්‍යයි. මේ ඩිජිටල් යටිතල පහසුකම් අවශයයි. හැබැයි ඒක පාතාල දේශපාලනයේ නියැලෙන අයට ඉඩ දිය යුතු නැහැ.”

බැංකු පොලු තබාගෙන මහත්වරුන් මෙන් පෙනී සිටින, ලේ උරා බොන මාපිලන්ගේ ලැයිස්තුව වහාම පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

“ලංකා බැංකු සේවක සංගමයේ ඉන්න තමන්ගේ බැංකුවලට ආදරේ පිරිස ජනාධිපතිවරයාට එතුමා අගමැති හැටියට 2022 අප්‍රේල් 28 ලංකා බැංකුවේ සිදුවෙමින් තිබෙන ක්‍රියාවලිය පිළිබඳ වැදගත් ලිපියක් ලිව්වා. කිසිම පියවරක් ගත්තේ නෑ. අභ්‍යන්තර කළමනාකරණය ගැන, දේශපාලකයෝ ඒ වගේම මේ ආණ්ඩුවෙත් ඉන්න දේශපාලන නායකයෝ, බැංකුවලට පොලු තියාගෙන, බොහොම හොඳ වැදගත් මහත්තුරු හැටියට ක්‍රියාකරන ආකාරය ගැන ප්‍රකාශ කළා. මොකද කළේ? ඒ පිරිස් පොලිසිය, රහස් පොලිසිය යොදා ගත්තා මිසක් ඒවට උත්තර සපයන්න ගියේ නෑ. ඒ නිසා මේ රටේ ආර්ථිකයේ ප්‍රධානම ලංකා බැංකුව, මහජන බැංකුව දෙක මේ විදිහට මංකොල්ල කාලා ඉන්න ඒ පිරිසගේ ලැයිස්තුව (මේ සාමාන්‍ය සුළු හා මධ්‍ය පරිමාණ කට්ටිය නෙවෙයි.) මේවා මත ලේ උරා බොන මාපිලන් මෙන් ඉන්න අයගේ ලැයිස්තුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුමයි. අවස්ථා ගණනාවක මේ පාර්ලිමේන්තුවේ තිබෙන විවිධ ආයතන මගින් මේ පිළිබඳ ඉල්ලීම කලාට ඒක ලබා දුන්නේ නෑ පනතට මුවාවෙලා බැංකුවල රහස්‍යභාවයට මුවා වෙලා නමුත් ඒක මේ රටේ ජනතාව මේක දැනගත යුතුයි, මොකද මේ බැංකු පද්ධතිය හූරන් කාලා කවුද ජීවත්වෙන පිරිස කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමෙන් මේ රටට හොඳක් වෙනවා මිසක් නරකක් වෙන්නේ නෑ.”

වීසා බලපත් ලබාදීම VFS සමාගම වෙත භාර දීම ජාතික මංකොල්ලයක් බව අවධාරණය කළ රණවක මහතා මෙමගින් වසරකට කෝටි 1800 ක වංචාවක් සිදුවිය හැකි බව ද පෙන්වා දුන්නේය.

“වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී, විදේශ සමාගමකට ලබාදීලා තියෙන අවස්ථාව 2012 දි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. මේක හඳුන්වලා දීලා දුන්නු අවස්ථාවේදී මේ ඔන්ලයින් වීසා ක්‍රමය අපගේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අවස්ථාවේදී සිංගප්පූරුවේවත් එවැනි ක්‍රමයක් තිබුණේ නැහැ. අද වෙනකොට ඒ සිංගප්පූරු ගුවන්තොටුපල ඒ වගේම සෝල් ගුවන්තොටුපල පියවර ගණනාවක් ඉදිරියට ගෙනිහිල්ලා ඒ ක්‍රියාවලිය දියුණු තියුණු කරලා ඉදිරියට ගෙනිහින් තියෙනවා. අපි එක වතාවයි මේක දියුණු කරලා තියෙන්නේ. මේක තවදුරටත් අපිට දියුණු කරන්න පුළුවන්. හැබැයි අද මේ පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් කරනවා කියලා. හැබැයි මෙතන අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අර පැරණි ක්‍රමයම, පුද්ගලික ක්‍රියාවලියක් හරහා කරනවා. එක ඩොලරය යන තැනට හෑම සංචාරක ඩොලර් විසි හයක් ලබා ගන්නවා. මෙතන අපේ රවුෆ් හකීම් ඇමතිතුමා පෙන්නලා දුන්නා වගේ මේකෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් කෝටි 1800 ක් අවුරුද්දකට කොල්ල කන තත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා නොයෙක් කතා පවත්වලා වැඩක් නෑ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි. කවුද මේවට එකඟ වුණේ? කොහෙද මේ ගනුදෙනු කෙරුණේ කියන එක ගැන ඉතා අවශ්‍යයි මේ පිළිබඳව ක්‍රියා කිරීමේදී.

මේවට මේ පොලීසිය යොදවලා හැමදේටම තමන්ගේ පුද්ගලික හමුදාව යොදව ගන්නවා වගේ පොලිසියයි රහස් පොලිසියයි යොදවලා මේ අදහස් පළ කරන මිනිස්සු මර්දනය කරන්න නෙවෙයි. මේකට ඇත්තටම මේ ඩීල් එක පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක සොයා ගැනීමයි තියෙන්නේ. ඒ සඳහා මැදිහත් වීමයි තියෙන්නේ. අන්න ඒක අපි අවධාරණය කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය හරහා රටේ ස්වෛරීභාවය අභියෝගය පමණක් නෙවෙයි. රටට මේ අපගේ මොබිටෙල් ආයතනයට එහෙම නැත්නම් අපගේ ඩයලොග් ආයතනයට මේ ආයතන වගේම රට තුළ ක්‍රියාත්මක වෙන වෙනත් ආයතනවලට ඇත්ත වශයෙන්ම මේ හැකියාව තියෙනවා මීටත් වඩා හොඳින් හොඳ සේවාවක් අපේ සංචාරකයින්ට ඒ වගේම අපගේ ගුවන් තොටුපල හරහා යන අයට ලබාදීමට අඩු මුදලට. ඒ නිසා මේ මහා ජාතික මංකොල්ලයත්, මේ මංකොල්ලය පිළිබඳ සොයා බැලීමයි කළ යුත්තේ. ඒක පෙන්වා දෙන මිනිස්සුන් මර්දනය කිරීමට උත්සාහ කිරීම නෙවෙයි.”

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?