දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 1,087 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 1,087 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

අද (07) පෙ.ව. 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ  සිදුකළ ගුවන් මෙහෙයුම් 22 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙම පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු මෙන්ම කටාර් රාජ්‍යයේ සිට පැමිණි 165 දෙනෙකු ඇතුළත් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *