හෙටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අහඹු PCR පරීක්ෂණ
හෙට (09) පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් වන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දන්වා ඇත.
පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හී දී මෙන්ම නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිත වේ.
2021 ජනවාරි මස 13 වනදා සිට මේ දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කළ PCR පරීක්ෂණ වැඩසටහන යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වනදා පරීක්ෂාවට ලක්කර තිබෙන් අතර ඔවුන් සියලුදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
