අද කාලගුණය
අද (08) ප.ව 2න් පසුව ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල හා සබරගමුව පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඇති විය හැකි අතර ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතී.
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, දිස්ත්‍රික්කයෙත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
අද උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
