දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
අද (09) ප.ව 2න් පමණ පසුව ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල හා සබරගමුව පළාතෙත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
පැ.කි.මී 50 පමණ දක්වා වන තරමක් තද සුළං උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
