ක්‍රීඩා

LPL තරඟාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරනවා – අමාත්‍ය නාමල් රාජපක්ෂ

මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව අද (11) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගිය LPL තරඟාවලිය පවත්වා මේ වන විට මාස 02 ක් ගත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 16ක මුදල අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.

එහි දී අමාත්‍යවරයා පැවසුවේ එම මුදල් අයකර ගැනීමේ කටයුතු සැලැස්මකට අනුව සිදුවන බවයි.

එසේම මෙම වසරේ LPL තරඟාවලිය ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා දන්වා සිටියේය.

අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙරට තුළ පැවැත්වෙන සියලු තරඟාවලි නියාමනයට ක්‍රිවේදයක් සැකකස් කරන බවයි.

කබඩි, රගර්, වොලිබෝල් ඇතුළු තරඟාවලි රැසක් ඉදිරියේදී පැවැත්වීමට නියමත බවද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?