M.S. ධෝනි චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සන්දීප් නහාර් සිය දිවි හානි කරගනී
M.S. ධෝනි චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දැක් වූ තවත් ප්‍රසිද්ධ ඉන්දීය නළුවෙක් සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස සිය දිවි හානි කරගෙන ඇතිතේ සන්දීප් නහාර් නම් නළුවෙකි.
“පුද්ගලික ප්‍රශ්න” හේතුවෙන් තමා දිවි නසා ගන්නා බව මියයෑමට පෙර ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබා ඇති අතර ඒ සමඟ වීඩියෝවක ද පෙනී සිටිමින් එයද මුහුණුපොතට ඇතුළත් කර තිබිණි.
මුම්බායිහි ඔෂිවාරාහි පිහිටි නිවාස සංකීර්ණයක දී, සිවිලිමේ පංකාවක එල්ලී ඔහු දිවි නසාගෙන ඇති අතර ඔහුගේ බිරිඳ, ඔහුව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් ඇති නමුත්, ඒවනවිටත් ඔහු මිය ගොස් සිටි බව දැනගන්නට ලැබී ඇත.
ඔහුගේ දිවි නසාගැනීම මුම්බායි පොලිසිය විසින් තහවුරු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
M.S. ධෝනි චිත්‍රපටයේ ධෝනිගේ මිතුරාගේ චරිතයට පණ පෙවූ සන්දීප් නහාර්, ආක්ෂේ කුමාර් නිෂ්පාදනය කළ ‘කේසාරි’ චිත්‍රපටය සඳහා ද රංගනයෙන් දායක වී ඇත.

කෙසේවෙතත් M.S. ධෝනි චිත්‍රපටයේ ධෝනිගේ චරිතය රඟපෑ ශුශාන්ට් සිං රාජ්පුට් ද පසුගිය වසරේදී ගෙල වැළලා ගෙන සිය දිවි නසා ගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
