දේශීය

මිදිගම චින්තකගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකුවන මිදිගම චින්තක නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (15) අත්අඩංගුවට ගත් මොහු ඊසි කෑෂ් ක්‍රමයට සහ බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30 ක් සහ එම ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් ද සොයාගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *