දේශීය

රත්මලපිටිය ප්‍රදේශයේදී අනතුරකින් තරුණයෙකු මරුට

කොත්මලේ හරංගල මාර්ගයේ රත්මලපිටිය ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තරුණයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හරංගල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර අනතුරින් තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.‍

ත්‍රිරෝද රථයේ සිදු වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බව පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *