පුරන් කුඹුරු 50,000 ක් අස්වැද්දීමට සැලසුම් – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
ඉදිරි යළ කන්නයේදී පුරන් කුඹුරු අක්කර 50,000 ක් අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙරට කුඹුරු අක්කර 125,000 ක් පමණ පුරන් වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව එම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත හා තවත් තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් කුඹුරු අස්වැද්දීමට නියමිතය.
පුරන් කුඹුරු අස්වැද්දීමේ දී බිත්තර වී සහනදායී මිලකට ලබා දෙන අතර ඇළ වේලී සකස් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සිදු කෙරෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
