පර්සවේරන්ස් රෝවරය අඟහරු මතට
අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගමන් ගන්නා පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙරට වේලාවෙන් අද අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කෙරෙණු අතර මෙම රෝවරය නාසා ආයතනය විසින් 2020 ජූලි මස 30 වැනි දා අඟහරු ග්‍රහලොව බලා දියත් කරවීම සිදු කළේ ය.
අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
කැමරා 20 ක්, මයික්‍රොෆෝන 2 ක්, ඩ්‍රෝන යානයක් මේ මෙහෙයුමට අන්තර්ගත කර තිබේ.
පෘථිවියෙන් එපිට ග්‍රහලොවක දී පළමු වරට ඩ්‍රෝන යානයක් පියාසර කරවීම, අඟහරු ග්‍රහලොවෙහි දී පළමුවරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමෙහි විශේෂ ක්‍රියාකාරකම් අතර වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
