Latestවිදේශීය

ඉබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු අද

හෙලි­කො­ප්ටර්  අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඉරාන ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයි­සිගේ අව­සන් කට­යුතු  රාජ්‍ය ගෞරව මැද අද (23) ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුව­රදී එරට  ආධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කමේ­නිගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරෙන බව එරට  මාධ්‍ය වාර්තා කළේය. එම අන­තු­රින් මියගිය ඉරාන  විදේශ ඇමැති හොසේන්  අමී­ර­බ්ඩො­ල්ලා­හි­යන්ගේ අව­සන් කට­යුතු දකුණු ටෙහෙ­රාන් නුව­රදි සිදු කිරී­මට  නිය­මිත බව ද වාර්තා වේ. ජනා­ධි­පති රයිසි, විදේශ ඇමැ­ති­ව­රයා ඇතුළු පිරි­සගේ  දේහ­යන්ට විදෙස් නියෝ­ජි­ත­යන්ගේ අව­සන් ගෞරව දැක්වීම ඊයේ ටෙහෙ­රාන් අග­නු­ව­රදී  සිදු කළ බව ද වාර්තා වේ. ඉබ්‍රා­හිම් රයිසි ඇතුළු සෙසු අයගේ දේහ­යන්ට අව­සන්  ගෞරව දැක්වීම ටෙහෙ­රාන් නුවර විශ්ව­වි­ද්‍යා­ලයේ සහ නිද­හස් චතු­ර­ස්‍රයේ දී සිදු  කර ඇති අතර,  දහස් සංඛ්‍යාත ජන­තාව එම අව­ස්ථා­වට එක්වූ බව ද වාර්තා වේ.

විදෙස්  රට­වල රාජ්‍ය නාය­ක­යන්, ඇමැ­ති­වරු සහ තානා­ප­ති­වරු විශාල පිරි­සක් එම අව­ස්ථා­වට  එක්වී ඇති අතර, ඉරාක අග­මැති අල් සුඩානි, පාකි­ස්තාන අග­මැති ශෙබාස්  ෂරිෆ්, අස­ර්බ­යි­ජාන් අග­මැති අලි අස­ඩොව්, ආමේ­නි­යාවේ අග­මැති නිකොල් පෂි­නි­යන් ඒ  අතර සිටින බව වාර්තා වේ. මීට අම­ත­රව ටියු­නී­සි­යාවේ ජනා­ධි­පති කයිස් සයිඩ් ද  පැමිණි බව වාර්තා වන අතර, ඉරාන විප්ල­ව­යෙන් පසු පළ­මු­ව­රට ටියු­නී­සි­යාවේ  ජනා­ධි­ප­ති­ව­ර­යකු ඉරා­න­යට පැමිණියේ පළමුවරට බව ද  වාර්තා වේ. මීට අම­ත­රව  කටාර්, කුවේට්, බෙල­රු­සි­යාව, ජෝර්දා­නය, ඕමා­නය, ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් රැසක  විදේශ අමා­ත්‍ය­වරු ද, තවත් විදෙස් නියෝ­ජි­තයෝ රැසක් ද අව­සන් ගෞරව දැක්වී­මට  පැමිණි බව වාර්තා වේ. හමාස්, හෙස්බුල්ලා සහ තලේ­බාන් සංවි­ධාන නියෝ­ජි­ත­යන් ද  හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­සන් ගෞරව දැක්වී­මට පැමිණ ඇතැයි ද, බොහෝ විදෙස්  නියෝ­ජි­ත­යන් ඉරාන අාධ්‍යා­ත්මික නායක අය­තුල්ලා කමේනි මුණ ගැසී පෞද්ග­ලි­කව ශෝකය  ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?