STF කියා ඇවිත් නිවෙස් කොල්ල කෑ 05 දෙනෙකු අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් ඊයේ (23) උදෑසන බියගම පොලිස් වසමේ නිවසකට ඇතුළු වී ඇති කණ්ඩායමක් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ලකා තිබේ.
රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4 ක් එළෙස කොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බියගම පොලීසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කණ්ඩායම සිවිල් ඇඳුමින් අදාළ නිවසට ඇතුළු වී තිබූ බවත් සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
