ක්‍රීඩා

වසර 27කට පසු අලුත් වන වාර්තාව

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඇමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත්ව තිබේ.

ඔහු බිඳ හෙලුවේ මීට පෙර එංගලන්තයේ කොලින් ජැක්සන් පිහිටුවා තිබු වාර්තාවකි.

එහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.2 9කින් අවසන් කළ ඇමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.3 0කින් නිම කළ කොලින් ජැක්සන්ට එම වාර්තාව හිමිව තිබුණි.

කොලින් ජැක්සන් එම වාර්තාව පිහිටුවා තිබුණේ 1994 වසරේ වන අතර ඒ අනුව ග්‍රාන්ට් හොලොවේ ඊයේ (24) බිඳ හෙලුවේ වසර 27 ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *