දේශීය

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.

සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.

මේ අතර අද දිනයේදී බෞද්ධ ආගමික කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කළයුතු බව සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම්දී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් වෛරස ආසාදිතයන් හමුවීම හේතුවෙන් සෑම ප්‍රදේශයකම ජනතාව සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පළාත් අතර ගමනාගමයේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා පිරිස් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව වාර්තා  වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *