දේශීය

රුපියල් ලක්ෂ 38ක ස්වර්ණාභරණ කොල්ලකා පළාගිය සැකකරුවන් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ඊයේ (25) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි වෙළෙඳසැළක ඉකුත් 8 වනදා එම කොල්ලකෑම සිදුකර තිබුණි.

ත්‍රිකුණාමලය කෝණේෂ්වරම මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පැමිණි කොල්ලකරුවන් මෙම කොල්ලකෑම සිදුකර බෝට්ටුවෙන්ම පළාගොස් ඇති බවට එහිදී සිදුකර තිබූ විමර්ශනවලදී අනාවරණය වී තිබුණු අතර එම කොල්ලකෑමට අදාළව සැකකරුවන් 7 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමල පොලීසියට හැකිවිය.

මෙම කොල්ලය මෙහෙයවා ඇති 35 හැවිරිදි සැකකරුවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු සතුව තිබූ ජීව අත්බෝම්බයක්, විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ 6 ක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මීට පෙර සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ දැනට අතුරුදහන්ව සිටින අයිස් මංජු නැමැත්තාගේ සහෝදරයෙකු බවට අදාළ සැකකරුව හඳුනාගෙන ඇති බවයි.

කොල්ලය සඳහා යොදාගත් බෝට්ටුව සහ එහි හිමිකරු ද මේ වනවිට අනාවරණය වී තිබේ.

කොල්ලකා තිබූ ලක්ෂ 38ක වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගය සොයා මේ වනවිට පොලිස් විමර්ශන සිදු කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?