දේශීය

සංචරණ සීමා පනවා ඇති චැපල්ටන් වත්තේ පුද්ගලයින් 400කට PCR පරීක්ෂණ

මේ වනවිට සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් PS කොටසේ පදිංචි වතු කම්කරුවන් 400 ක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

සංචරණ සිමා පනවා ඇති චැපල්ටන් PS කොටසින් මේ වන විට කොවිඩ් -19 වෛරසය අසාදනය වු රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි අවුරුදු 78 ක පුද්ගලයෙකු ද පසුගිය දා මියගොස් තිබූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වනවිට කොවිඩ් -19 වෛරසය අසාදනය වූ අසාදිතයන් 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *