මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා සේවයෙන් ඉවතට
මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා සේවයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සිය පාලන බලයට අභියෝග කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව මියන්මාර හමුදාව නිවේදනය කර තිබේ.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය නැවත වරක් ස්ථාපිත කරමින් හමුදා පාලනය විරුද්ධව සියලු දෙනා කටයුතු කළ යුතු බව තනාපතිවරයා ප්‍රකාශ කර තිබීම හේතුවෙන් විරෝධතාකරුවන් මර්ධනය කිරීම තීව්‍ර කිරීමට මියන්මාර හමුදාව කටයුතු ක ඇත.
මියන්මාරයේ නායිකා අවුන් සාන් සුචී ඇතුළු නායකයින් පසුගිය පෙබරවාරි 01 වන දා අත්අඩංගුවට ගෙන එරට හමුදාව සිය බලය තහවුරු කර ගත්තේය.
හමුදා පාලනයට එරෙහි මියන්මාරයේ විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
