මාස නවයේ බිළිඳාට අමානුෂිකව පහර දුන් මව අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන දර්ශන පෙළට අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට පොලිසීය සමත්ව තිබේ.
යාපනය අරියාලෙයි නාවල්අඩි ප්‍රදේශයේ නිවසකදී එම පහරදීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
අදාළ නිවස පරීක්ෂා කිරීමේදී මාස 9ක් වයසැති පහර දීමට ලක්වූ බිළිඳා සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇති අතර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අමානුෂික ලෙස දරුවාට පහර දෙන තැනැත්තිය බිළිඳාගේ මව ලෙස හඳුනා ගෙන ඇති බවයි.
24 හැවිරිදි අදාළ මව දරුවා ද සමග මීට මාසයකට පමණ පෙර කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
දරුවා පොලිස් භාරයට ගෙන ඇති අතර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කළ පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස සියලු පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යංශ දැනුම්වත් කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
