වතු සේවක දෛනික වැටුප 1,000 දක්වා ඉහළට
වතු සේවකයින්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමේ යෝජනාව පඩි පාලක සභාවේදී සම්මත වූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අදාළ යෝජනාවට වතු හාම්පුතුන්ගේ විරෝධය පළ වුව ද පඩි පාලක සභාවේදී එය සම්මත වූ බවයි ඔහු සඳහන් කළේ.
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට එරෙහිව වතු හාම්පුතුන්ගෙන් ඉදිරිපත් වී තිබූ විරෝධතා සංඛ්‍යාව 197 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
