විදේශීය

ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකුව වෙඩිතබා ඝාතනය කෙරේ

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.

ඔවුන් රූපවාහිනී ආයතනයක සේවය කළ තිදෙනෙක් වන අතර වෙඩි වැදීමෙන් තවත් කාන්තාවක් බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඝාතනයට ලක්වූ තරුණියන් වයස අවුරුදු 18-20ත් අතර වන බවයි.

වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තලිබාන් සංවිධානයට සම්බන්ධ බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

නමුත් එම ඝාතන සඳහා තමන්ට වගකිව නොහැකි බව තලිබාන් සංවිධානය පැවසීය.

මෑත කාලයේදී ඇෆ්ඝනිස්තානයේ දී මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයින්, සහ දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක්ව හඳුනානොගත් තුවක්කුකරුවන් විසින් ඝාතනය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *