දේශීය

වාහන අංක තහඩු 12 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධිව එකලස් කළ මෝටර් රථයක් ද සමග සැකකරුවෙකු යක්කල බෝගමුව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී විවිධ මෝටර් රථවලට අදාළ අංක තහඩු 12ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මොහු නීතිවිරෝධි එකලස් කිරීම් ජාවාරමක් හෝ සොරකම් කරන ලද වාහන රැගෙන විත් යම් ජාවාරමක් කළ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *