දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වනදාට කල් යයි
දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිතුක්කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.
කොව්ඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ මගින් සපයා ඇති උපදෙස් අනුව දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.
බස්නාහිරි පළාතේ පාසල් ආරම්භ කිරීම 2021 මාර්තු 15 දිනට නියමිත බැවින් ඉන්පසුව එළඹෙන ඉරිදා දින එම පළාතේ දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන ඇත.
එම හේතුව නිසා දහම් පාසල් ශ්‍රේණි විභාගයේ කටයුතු සංවිධානය කිරීමට අපහසු බැවින් මාර්තු 21 දින යොදා ගෙන තිබු එම විභාගය එදිනට නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිතුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
