දේශීය

වේල්ල වීදියේ තරුණිය ඝාතනයේ සැකකරු සිය දිවි නසාගනී

ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (02) පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය අවස්ථාවේ ඔහු නිවසින් පළා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (03) උදෑසන පොලීසිය කළ සෝදිසි කිරීම්වලදී බඩල්කුඹුර 5 කණුව ප්‍රදේශයේ නිවසට ආසන්න කෑලෑබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී  ඔහුගේ  සිරුර හමු වී තිබේ.

ඔහුගේ මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද හමුවී ඇති ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *