දේශීය

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීවරයා මෙරට අගමැති හමුවේ

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඊයේ (03) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ඒ ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි  නිල සංචාරය අතරතුර දී මෙම හමුව සිදු විය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් පුළුල් කළ හැකි බවත් ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බවත් ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා පවසා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *