සා.පෙළ විභාග මධ්‍යස්ථාන අසළ විශේෂ මෙහෙයුම්
අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ආසන්නයේ සිසුන් ඒකරාශී වන පරිදි ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු කර තිබේ.
එලෙස නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මේ අතර මුව ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා යටතේ තවත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (03) දිනය තුළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3,286 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
