දේශීය

යතුරුපැදි 20 ක් සොරක‍ම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙක් අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ  අත්අඩංගුවට ගත් 78 හැවිරිදි සැකකරු මින්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු වසින් සොරකම් කරන ලද යතුරුපැදි 20 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී එම ජාවාරමට සහය දුන් තවත් 30 හැවිරිදි සැකකරු‍වෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

ඔහු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *