විදේශීය

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ උතුරු දුපත් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පන 3 ක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන් ප්‍රබලත්වයෙන් වැඩිම භූ කම්පනය කර්මැඩික් දුපත් ආශ්‍රිතව සිදුව ඇති බවයි.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 8.1 ක් ලෙස සටහන්ව තිබේ.

භූ කම්පන තත්වයන් හේතුවෙන් එරට උතුරු වෙරළ බඩ කළාපයේ පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

එම තත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ අතර අවදානම පහවයෑම හේතුවෙන් එම අනතුරු ඇඟවීම් ඉවත් කරගැනීමට නවසීලන්ත බලධාරීන් පියවරගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?