දේශීය

කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5 ක් මේ මාසයේ දිවයිනට

රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මේ මාසය තුළ දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ඉන්දීය සාමාගමෙන් ඇණවුම් කර ඇති අතර ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට ලැබී තිබේ.

මේ අතර කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 264 000 ක් ද දිවයිනට ලැබී ඇත.

කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *