ඉන්දියාවේ නාග්පූර් නගරය වසාදමයි
කොවිඩ් ආසාදිතයින් 2,000 ක් පමණ පසුගිය පැය 24 තුළ හමුවීම හේතුවෙන් බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
පසුගිය සතිය පුරා එම නගර සීමාවෙන් දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා හමු වී ඇති අතර කොවිඩ් වෛරසය හේතුවෙන් සම්පූර්ණයෙන් වසාදැමෙන පළමු ප්‍රධාන නගරය නාග්පූර් වේ.
ඒ අනුව සඳුදා (15) සිට සතියක් එම නගරය තුළ දැඩි සංචරණ සීමා පැනවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ දක්වා ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 11,308,846 ක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 158,326කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
