දේශීය

ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලදාරීන් පිරිසක් විසින් තණමල්විල දේවගිරිය කන්ද ප්‍රදේශයේදී ගංජා හේනක් වටලා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (13) මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ උස අඩි 7කට ආසන්න ගංජා ගස් දසදහසක පමණ ප්‍රමාණයක් හමු වී ඇති බවයි.

මෙම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික වන අතර වැටලීමේදී ගංජා හේන වගා කල සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු ඉදිරි විමර්ශන සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දී ඇති අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *