සිංහරාජය ආශ්‍රිතව ගස් කැපූ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට
සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකින් අනතුරුව සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ එම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වන සංරක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙවන් පරිසර හානි කිරීම් අවම කිරීමට අවශ්‍යය වැටලීම් සහ අදාළ නීතිමය කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
