නයිජර් රාජ්‍යයේ වෙඩි තැබීමකින් 58 ක් මරුට
නයිජර් මාලි දේශසීමාව ආසන්නයේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 58 දෙනෙකුව ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එරට තිලබරි කලාපයේ වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් තිබු වාහන 04කට එම ප්‍රහාර එල්ලකර තිබුණු බවයි.
එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.
මෙම ඝාතන හේතුවෙන් රට තුළ දින 3ක ශෝක කාලයක් නිවේදනය කිරීමට නයිජර් පාලකයින් ක්‍රියාකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
