අගමැති බංග්ලාදේශය බලා පිටව යයි
දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) අලුයම බංග්ලාදේශය බලා පිටව ගොස් තිබේ.
ඒ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි.
බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වේ.
මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
