ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය.

ඒ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති අවසන් පූර්ව තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමත් සමගිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.

නුවන් කුලසේකර කඩුලු 5 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු ඕවර 17 යි පන්දු 2 ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් සහ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47 ක් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අවසන් මහා තරගය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?