දැරණියගල දී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ
දැරණියගල රන්විජයගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකුව ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ දෙදෙනෙකු අතර පැවති අමනාපයක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රන්විජයගම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකළ 51 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරණියගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
