විදේශීය

අමීර් ඛාන්ටත් කොවිඩ්

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමීර් ඛාන්හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු සිදුකරමින් සිටි සියලු සිනමා කටයුතු මේවන විට තාවකාලිකව නවතා ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *