ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
ඉන්දුනීසියාවේ මකාසර් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ කතෝලික දේවස්ථානයේ පූජකතුමා ඉන්දුනීසියානු මාධ්‍යය වෙත පවසා ඇත්තේ බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි.
ප්‍රහාරයට වගකිය යුත්තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
