ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
