දේශීය

Online ඉගැන්වීම්වලට තර්ජනද? දැනුම්දෙන්න

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසල් ගුරුවරුන්ට එය නොකරන ලෙසට යම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන හෝ ආකාරයකින් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව සෘජුවම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.

ඊට අමතරව 119 දුරකථන අංකයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකිය.

එම පැමණිලි සම්බන්ධයෙන් නොපමාව නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම වරදක් වන බැවින් එවැනි පුද්ගලයින්ට එරෙහිව විශේෂ අවදානයක් යොමු කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *